April 26, 2024

උෂ්ණත්වයෙන් දෙවැනි තැන කොළඹට

ගත වූ පැය 24 ක කාලය තුළ දිවයිනේ වැඩිම උෂ්ණත්වය වන සෙල්සියස්‌ අංශක 37.4 මහඉලුප්පල්ලම ප්‍රදේශයෙන් වාර්තා වූ බවත් ඉන් පසු වැඩිම උෂ්ණත්වය වාර්තා වූයේ කොළඹින් බවත්, එය සෙල්සියස්‌ අංශක 33.3 ක්‌ බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

ඔවුන් සඳහන් කරන පරිදි ඊයේ (24) දිවයිනේ අඩුම උෂ්ණත්වය වාර්තා කළේ නුවරඑළියෙනි. එය සෙල්සියස්‌ අංශක 11.5 ක්‌ බව වාර්තා වේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ සචින් වික්‍රමසූරිය මහතා කියාසිටියේ මේ දිනවල පවතින උෂ්ණත්වය ලබන මැයි මස වනතුරු පවතින බවත් ඉහළ අහසේ ස්ථරවල ජල වාෂ්ප නොමැති නිසා වළාකුළු ඇති නොවන බවත් අහසේ පහළ ස්ථරවල ජල වාෂ්ප තිබුණ ද සුළඟ නොමැතිකම ද උෂ්ණත්වය වැඩිවීමට හේතුවක් වන බවත් ය.

පවතින තත්ත්වය පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියාසිටියේ මේ දිනවල පවතින දැඩි උෂ්ණත්වය හෘද රෝගීන්ට දැඩිව බලපෑම් ඇති කිරීමට හැකි නිසා ඔවුන් ඒ සම්බන්ධයෙන් ප්‍රවේසම් වියයුතු බවයි.

Rate this item
(0 votes)
Last modified on Friday, 25 March 2016 11:20