May 06, 2024

මධ්‍යම කඳුකරයට දැඩි මීදුමක් - ගමනාගමනයට බාධා (PHOTOS)

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට මේ දිනවල කඩින් කඩ ඇද හැලෙන වර්ෂාවත් සමඟ අද (27) පස්වරුවේ මධ්‍යම කඳුකරය පුරා ඝන මීදුම් තත්ත්වයක් ඇතිවී තිබේ.

මේ හේතුවෙන් රථ වාහන ගමනාගමනයට බාධා මතුව ඇති බව ද වාර්තා වේ.

හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේත් හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයෙත් හැටන් සිට කිතුල්ගල දක්වා මෙම මීදුම් තත්ත්වය පවතින බව අප වාර්තාකරු සඳහන් කරයි.

ඉදිරියට ධාවනය වන වාහන නොපෙනෙන තරමට මෙම මීදුමි තත්ත්වය පවතින නිසා එම මාර්ගවල වාහන ධාවනය කිරීමේ දී වාහනයේ ඉදිරිපස ප්‍රධාන ලාම්පුව දල්වාගෙන සෙමින්, සැලකිලිමත් ලෙස රිය ධාවනය කරවන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

ඡායාරූප පහතින්.

හැටන් - රංජිත් රාජපක්ෂ

Rate this item
(0 votes)
Last modified on Wednesday, 27 July 2016 16:20