May 19, 2024

‘ROANU’ සුළි කුණාටුව දිවයිනෙන් බැහැරට - මුහුද රළු වන ලකුණු

බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින රෝමෝ සුළි කුණාටුව කන්කසන්තුරයට කිලෝමිටර් 900ක් පමණ උතුරින් තවදුරටත් දිවයිනෙන් බැහැර වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

මේ හේතුවෙන් දිවයිනේ අවට මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ක්ෂණිකව ඉහළ යා හැකි බව ද එම කාලගුණ නිවේදනයේ දැක්වේ.

එමෙන්ම කන්සකසන්තුරය, මන්නාරම, කොළඹ, සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා මුහුදට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි අැති වන බවත් සෙසු මුහුදු ප්‍රදේශවල අද (20) සවස 2.00න් පසු සුළු ප්‍රමාණයක වැසි සහ ගිගුරුම් සහත වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දිවයිනේ නිරත දිග කොටසට අද (20) දිනයේ වැඩි වශයෙන් වැසි ඇති විය හැකි අතර ඇතැම් විට එය මිලිමීටර් 150ක් පමණ විය හැකි බව කාලගුණ විද්‍යාඥයින්ගේ අදහසයි.

බස්නාහිර, වයඹ, මධ්‍යම,සහ සබරගමුව පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් අද දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර සෙසු ප්‍රදේශවල ද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටී.

Rate this item
(0 votes)
Last modified on Friday, 20 May 2016 11:32