May 07, 2024

පළාත් කිහිපයකට තද සුළං

දිවයින තුළ සහ ඒ අවට මුහුදු ප්‍රදේශවල තද සුළං තත්ත්වයක් ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළකරයි.

ඒ අනුව අද (08) නිකුත් කළ කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70ත් 80ත් දක්වා වැඩිවිය හැකි බවයි.

වරින් වර මුහුදු ප්‍රදේශ ඉතා රළු වියහැකි බැවින් ඒ සම්බන්ධයෙන් විමසිලිමත්ව සිටින ලෙස ධීවර සහ නාවික ප්‍රජාවගෙන් කාලගුණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

දිවයින හරහා මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල ද උතුර, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල ද විටින් විට හමන තද සුළං ද ඇතිවිය හැකි බවට ද කාලගුණ දෙපාර්තමේන්තුව එම නිවේදනයෙන් දන්වා සිටී.

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 08 June 2016 16:05