May 19, 2024

අදත් මහ වැසි

අද (20) දිනයේත් දිවයිනේ ප‍්‍රදේශ රැසකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලින්ද මිල්ලන්ගොඩ මහතා සඳහන්කළේ ඇතැම් ප‍්‍රදේශවලට මිලි මීටර් 150ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි.

මේ වනවිට රෝනෝ සුළි කුණාටුව කන්කසන්තුරයට කිලෝමීටර් 900ක් පමණ ඔබ්බෙන් පවතින බවත්, ඒ හේතුවෙන් ඇතිවන බලපෑම මත දිවයිනේ නිරිතදිග ප්‍රදේශයට වැසි ඇතිවිය හැකි බවත් ඔහු වැඩිදුරටත් කියාසිටියේ ය.

බස්නාහිර,මධ්‍යම, සබරගමුව, වයඹ සහ ගාල්ල මාතර දිස්ත්‍රික්ක වලට ගිගුරුම් සහිත තද වැසි ඇතිවීමේ හැකියාව ඇති බව සඳහන්කරන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අකුණු අනතුරුවලින් වැළකීමට ක්‍රියාමාර්ග ගන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටී.

 

Rate this item
(0 votes)
Last modified on Friday, 20 May 2016 09:08