May 07, 2024

ක්‍රීඩංගණයක් ඉල්ලා මහින්දගෙන් හදිසියේම රනිල්ට ඇමතුමක්  

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද(01) හදිසියේම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දුරකතන ඇමතුමක් ලබා දී ඇතැයි වාර්තා වේ.

රජයේ ආරංචි මාර්ග පවසන්නේ ඒකාබද්ධ විපක්‍ෂය විසින් සංවිධානය කර කොළඹ බලා ගමන් කරමින් ඇති ජනසටන පාද යාත‍්‍රාව අවසානයේ පවත්වන ජනරැළියට පැමිණෙන ජනතාවට රැස්වීමට අවශ්‍ය පරිදි ක්‍රීඩාංගණයක් ලබා දෙන ඉල්ලා හිටපු ජනපතිවරයා අගමැතිවරයාට මෙම ඇමතුම ලබා දී ඇති බවයි.

එහිදී මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාගේ එම ඉල්ලීම පිළිබඳ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර තීරණයක් ගන්නා බව අගමැතිවරයා ප්‍රකාශ කර ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.

අගමැතිවරයා අදාල කාරණය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දන්වා ඇති අතර ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ එම ඉල්ලීමට අවශ්‍ය ලෙස ක්‍රීඩාංගණයක් ලබාදීමට කටයුතු කරන ලෙසයි.

කොළඹ ගෝල්ෆේස් ක්‍රීඩංගණය හෝ බොරැල්ල කැම්බල් ක්‍රීඩාංගණය ලබා දීමට හැකි බව එහිදී ජනාධිපතිවරයා අගමැතිවරයාට ප්‍රකාශ කර ඇත.

එහිදී එම තීරණය අගමැතිවරයා හිටපු ජනපතිවරයාට දැන්වූ පසු මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා බොරැල්ල කැම්බල් පිටිය ඉල්ලා තිබේ. ඊට ජනාධිපතිවරයාද එකඟවීමෙන් පසු අගමැතිවරයා එම ක්‍රීඩාංගණය ලබා දීමට කටයුතු කර ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.

 

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 02 August 2016 07:26

Related items