April 28, 2024

නුවරඑළියේ සුන්දරත්වයත් ඉවරයි - සැලසුම නගරාධිපතිගෙන් (PHOTOS) Featured

December 24, 2021

නුවරඑලිය ග්‍රෙගරි වැවේ ජලය හිස් කිරිම නිසා තමන් දැඩි ලෙස පිඩාවට පත් වී ඇති බව ග්‍රෙගරි වැවේ බෝට්ටු සේවා සංගමයේ සාමාජිකයන් කියා සිටිනවා.

නුවරඑලිය මහ නගර සභාව විසින් පාලනය කරනු ලබන ග්‍රෙගරි වැව් ඉවුරේ ඇවිදින මංතිරුවක් ඉදි කිරිම ඇතුළු ග්‍රෙගරි වැව සංවර්ධන කරන බව පවසමින් නුවරඑලිය මහ නගර සභාව විසින් වැවේ ජලය හිස් කිරිමට පියවර ගෙන ඇති බවයි එම සංගමයේ සාමාජිකයන් කියා සිටින්නේ.

කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමග මාස කිහිපයක් තිස්සේ නුවරඑලිය සංචාරකයන් නොපැමිණිම නිසා තමන් කල රැකියාවෙන් තාවකාලිකව ඉවත් වි සිටි බවත්, 2021 නොවැම්බර් මස සිට සංචාරකයන් නුවරඑලියට පැමිණිමත් සමඟ සෞඛ්‍ය මාර්ග උපදෙස් වලට අනුව යලිත් බෝට්ටු සේවාව පවත්වාගෙන යන අතරතුර වැවෙහි ජලය හිස් කිරිමට නුවරඑලිය මහ නගර සභාව කටයුතු කර ඇති බවද එම සංගමයේ සාමාජිකයන් කියා සිටිනවා.

මේ දිනවල නුවරඑලියට විශාල දෙස් විදෙස් සංචාරකයන් පිරිසක් පැමිණෙන බවත්, එම සංචාරකයන්ට පවත්වා තත්ත්වය මත ග්‍රෙගරි වැවෙහි විනෝද විමට අවස්ථාවක් නොලැබිම තුලින් එම කාර්මාන්තයේ යෙදි සිටි සාමාජිකයන් 175 දෙනෙකු පමණ දැඩි පිඩාවට පත් වී සිටින බවයි නුවරඑලිය ග්‍රෙගරි වැවෙහි සංචාරක බෝට්ටු සංගමයේ සාමාජිකයන් කියා සිටින්නේ.

නුවරඑලිය මහ නගර සභාවේ හිටපු නගරාධිපති සහ වත්මන් නාගරික මන්ත්‍රි මහින්ද දොඩම්පේගමගේ මහතා අදහස් ප්‍රකාශ කරමින් කියා සිටියේ නුවරඑලියේ ග්‍රෙගරි වැවේ සංවර්ධන කටයුතු සිදු නොකිරිම නිසා මේ වන විට වැවෙහි රොන්මඩ තැන්පත් වී ජපන් ජබර පැළැටි ජලාශය ආක්‍රමණය කර ඇති බවයි.

නගර සභාව විසින් සිදු කරන සංවර්ධන කටයුත්ත නත්තල් සමය අවසන් විමෙන් පසු සිදු කල යුතු බවත්, එම සංවර්ධන කටයුත්ත මේ දිනවල සිදු කිරිම නිසා නුවරඑලියට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට ග්‍රෙගරි වැව පරිශ්‍රයට ගොස් සතුටු විමට නොහැකි තත්ත්වයක් උද්ගත වි ඇති බවයි.

ඒෂියන් මිරර් අප මේ සම්බන්ධයෙන් නුවරඑලිය නගර සභාවේ නගරාධිපතිවරයා සහ නුවරඑලිය මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරියගෙන් කරුණු විමසිමට අවස්ථා කිහිපයකදි උත්සහ කලත් එය ව්‍යාර්ථ වුණා.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 23 December 2021 20:52