May 14, 2024

අද එළවළු මිල : මිලේ සුළු අඩුවක්

December 23, 2021

මෙරට ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානවල අද (23) දිනය අදාළ දෛනික එළවළුවල සිල්ලර සහ තොග මිල ගණන් රජය විසින් නිකුත් කර තිබෙනවා.

එළවළු මිලද සුළු මට්ටමකට පහළ ගොස් තිබෙනවා.

පෑලියගොඩ මැනිං වෙළදපොළේ එළවළු මිල ගණන් අද පෙරවරුවේ පහත වැටී ඇති බව මැනිං පොදු වෙළඳ සමිතිය පවසනවා.

එහි නියෝජ්‍ය සභාපති ප්‍රභාත් සුසන්ත මහතා සඳහන් කළේ කැරට් කිලෝවක තොග මිල රුපියල් 400කටත්, බෝංචි කිලෝවක් රුපියල් 250කටත්, වම්බටු කිලෝවක් රුපියල් 300කටත් අලෙවි වන බවයි.

දඹුල්ල සහ හෙක්ටර් කොබ්බෑකඩුව ඇතුළු ආර්ථික මධ්‍යස්ථාන රැසකම අද දිනයේදී එළවළු මිල සාමාන්‍ය මට්මක පැවති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, එළවළු මිලදී ගැනීමට පැමිණි ජනතාව කියා සිටියේ එළවළු මිලෙහි අඩුවීමක් දක්නට නොලැබුණු බවයි.

වී හා ධානය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ළුෑණු හා අර්තාපල් වගා ප්‍රවර්ධනය, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජය අමාත්‍යංශයේ අතිරේක ලේකම් (පාලන, මුදල් හා ආර්ථික මධ්‍යස්ථාන) වේ.එම්.ඒ. ඩග්ලස් මහතා අත්සනින් යුතුවයි මෙම මිල ගණන් නිකුත් කර තිබෙන්නේ.

ඒ අනුව එළවළු කිලෝ එකක් සඳහා වන මිල ගණන් පහතින් දැක්වෙනවා.

Rate this item
(0 votes)