April 28, 2024

දියවන්නාවෙන් තෙල් මතුවෙයි

September 22, 2021

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වටා පිහිටා ඇති දියවන්නා ඔයේ තෙල් තට්ටුවක් මතුව තිබෙනවා.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාද මෙම තෙල් තට්ටුව පිළිබඳව තොරතුරු ලැබී ඇති බවට සඳහන් කළා.

මෙම තෙල් තට්ටුව පිළිබඳව වහාම සොයා බලා වාර්තාවක් ලබාදෙන ලෙස අමාත්‍යවරයා විසින් මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබාදී තිබෙනවා.

අමාත්‍යවරයාගේ හිතවතෙකු විසින් මෙම තෙල් තට්ටුව පිළිබඳව ඡායාරූප කිහිපයක් ලබාදී ඇති බවයි වාර්තා වන අතර මීට දින දෙකකට පෙර එම සිදුවීම වාර්තා වී තිබුණා.

එම ඡායාරූපවල දැක්වුණේ තෙල් තට්ටුවක් දියවන්නා ඔය දෙසට ගලාගෙන යන ආකාරයයි.

අමාත්‍යවරයා විසින් මේ පිළිබඳව නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ අදාළ තෙල් තට්ටුව දියවන්නාවට එකතු වීම කිසියම් පුද්ගලයෙක්, ආයතනයක් හෝ කණ්ඩායමක් විසින් සිදුකරන ලද ක්‍රියාවක් ද යන්න පිළිබඳව ද සොයා බලන ලෙස උපදෙස් ලබාදී ඇති බවයි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 22 September 2021 10:11