April 28, 2024

කිඹුලාගල පර්වතය වනසන්න යයි! ගම්මුන්ගෙන් දැඩි විරෝධයක් (PHOTOS)

September 16, 2021

සීගිරි පව්වත්, පිදුරංගල පව්වත් දර්ශනය වන මානයේ බස්නාහිර දෙසින් අවුඩංගාව ප්‍රදේශයේ පිහිටා ඇති කිඹුලාගල නම් වූ ගල් රෑන ෙයුද හමුදාවේ ගල් කොරියකට ලබා දීමක් සම්බන්ධයෙන් ගම්මුන්ගේ දැඩි  විරෝධය එල්ලවෙමින් තිබෙනවා.

මෙම ස්ථානයේ පිහිටි ගල් රෑන  කැඩීම සඳහා යුද හමුදා නිලධාරීන් කණ්ඩායමක් පැමිණ ස්ථාන පරීක්ෂාකොට ප්‍රාදේශීය ලේකම් ලේකම්වරයා ඇතුළු කණ්ඩායමද ස්ථාන පරීක්ෂා කොට ඇතැයි ප්‍රදේශවාසීන්ට තොරතුරු ලැබී තිබුණා.

ඊයේ (15) දිනයේ උදෑසන ප්‍රදේශවාසීන් පිරිසක් විහාරාධිපති හිමියන් ද සමඟ එම ස්ථානයට පැමිණ මෙම ඓතිහාසික වටිනාකමකින් යුත් ඉතා මනරම් පරිසරයක පිහිටි කිඹුලාගල කඩා ඉවත් කිරීමට කිසිසේත් ඉඩ නො නොදෙන බවට පවසා සිටියා.

සිගිරිය අවුඩංගාව ප්‍රදේශයේ  මහජන නියෝජිතයින් මෙන්ම වෙහෙර විහාර විහාරස්ථානවල නියෝජනය කරමින් ස්වාමීන් වහන්සේලා ගොවි සංවිධාන සහ ස්වෙඡ්චා සංවිධාන නියෝජනය කරමින් පිරිසක් පැමිණ ඓතිහාසික මෙන්ම ඉතා මනරම් දර්ශනයක් ඇති  ගල් රෑන පෙන්වමින් කියා සිටියේ  2010 වසරේද මේ ආකාරයටම ඉතා සූක්ෂම ලෙස මෙම ගලේ කොටසක් ගල් කොරියක ට ලබාදී කඩා දැමූ බවයි.

ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධය ප්‍රකාශ කොට එම ගල් කැඩීම නවතා දැමූ බවත් පසුව  නැවතත් යුද හමුදාවේ අවශ්‍යතාවයක් මත මෙම ගල කැඩීම සඳහා යුද හමුදාවට ලබා ගැනීමේ උත්සාහයක නිරත වෙමින් පවතින බවට තොරතුරු ලැබී ඇතැයි  අවුඩන්ගාව ධර්මවර්ධනාරාමාධිපති ඇස්වත්තේ උජිත හිමියෝ පවසනවා.

මෙම ගල් මුදුනට ගිය විට එහි තිබුණු ඇතැම් පුරාණ නිධන් වස්තු හාරා රැගෙන ගොස් ඇති සළකුණු ද ප්‍රදේශවාසීන් විසින් පෙන්වූ අතර එම ස්ථානයේ බුදු පිළිම වහන්සේ නමක් නිර්මාණය කිරීම්ට උත්සාහ කළ ද එය ද වනජීවි නිලධාරින් විසින් නවතා දැමූ බවද ප්‍රදේශවාසීන් පවසා සිටියා.

සීගිරිය මෙන්ම පිදුරංගල, දඹුල්ල, එඩේරගල, පොළොන්නරු, හබරණ, මින්නේරි රක්ෂිතය ආදී සෑම ප්‍රදේශයක්ම ඉතා මනරම් ව දර්ශනය වන මෙම කිඹුලාගල ගල් යාය ඓතිහාසික වටිනාකමකින් යුතු ස්ථානයක් බවටද සඳහන් වෙනවා.

මෙම ගල් රෑන කඩනවාට  වඩා වැඩි ආදායමක් ලබා ගැනීමට නම් සීගිරි ගල හා පිදුරංගල  කඩා ගන්නැයි ගම්මුන් දැඩි වේදනාවෙන් යුතුව සඳහන් කළා.

ගම්මුන්ගේ විරෝධය පිළිබඳව තොරතුරු ලැබීමත් සමඟ මෙම ස්ථානයට නවුල සහ දඹුල්ල කලාප වන සංරක්ෂණ නිලධාරීන් පිරිසක් පැමිණයා.

අදාළ ස්ථානයට පැමිණි  වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නාවුල අඩවි වන නිලධාරී  ධම්මික ප්‍රියන්ත මහතාගෙන් විමසීමේ දී කියා සිටියේ යුද හමුදාව මඟින් යුද හමුදාවේ කළුගල් ගල් අවශ්‍යතාවයකට කැඩීම සඳහා අවසර ඉල්ලා තිබෙන බවයි. 

ස්ථානය නිරීක්ෂණය කිරීමෙන් පසුව එහි ගම්මුන්ගේ විරෝධතාවය මෙන්ම ඓතිහාසික වටිනාකම පිළිබඳව අවධානය යොමු කොට යුද හමුදාවට හෝ කිසිදු අයකුට ගල් කැඩීම සඳහා තම දෙපාර්තමේන්තු අවසරයක් ලබා නොදෙන බවද වන සංරක්ෂණ නිලධාරීන් එහිදී සඳහන් කර සිටියා.

ගම්මුන්ගේ සහය ඇතිව මෙම ස්ථානයේ ඉදිරියේදී වන වගා ව්‍යාපෘතියක් ආරම්භ කොට සංරක්ෂණය කටයුතු සිදු කරන බව ද නාඋල වන සංරක්ෂණ නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කළා.

අදාළ අවස්ථාවේ ඡායාරූප පහතින්,

(කාංචන කුමාර අරියදාස - දඹුල්ල)

Rate this item
(0 votes)
Last modified on Thursday, 16 September 2021 00:33