April 28, 2024

අද රෑ ඇඳිරි නීතිය ජනතාවට අදාළ නැහැ - මද්දුම බණ්ඩාරගේ විශේෂ අනාවරණය

අද (16) සිට සෑම රාත්‍රියකම 10 සිට පාන්දර 4 දක්වා කොවිඩ් ඇදිරි නීතිය පනවා තිබෙනවා.

මේ තීරණය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් සමගි ජන බලවේගයේ මහලේකම් රංඡිත් මද්දුම බණ්ඩාර මහතාගෙන් ප්‍රශ්න කළා.

මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීම

ඒ හෙට (17) පාර්ලිමේන්තුව පවත්වනවාද නැද්ද යන්න තීරණය කිරීමට අද (16) පැවැති පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුවයි.

එහිදී රාත්‍රී ඇදිරි නීතිය සම්බන්ධයෙන් මහ ලේකම්වරයා සඳහන් කළේ අපූරු අදහසක්.

ඒක ජනතාවට නෙමේ

"ඒ ඇඳිරි නීතිය ජනතාවට දාපු එකක් නෙවෙයි.ඒක වවුලන්ට දාපු ඇඳිරි නීතියක්."

ඇඳිරි නීතිය ගැන මහ ලේකම්වරයා දරන්නේ එවැනි මතයක්.

රාත්‍රියේ සිට පාන්දර දක්වා පනවා ඇති ඇඳිරි නීතිය සම්බන්ධයෙන් මුහුණුපොතේද අපූරු නිර්මාණ ඉදිරිපත්ව තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Monday, 16 August 2021 16:44