April 28, 2024

මහ ලේකම්කම ලඟදිම නැති වෙනවා: රංජිත් මද්දුමබණ්ඩාරට ඇමතිගෙන් අනතුරු ඇඟවීමක්

සමගි ජන බලවේගයේ මහ ලේකම් ධූරය රංජිත් මද්දුම බණ්ඩාර ලඟදීම අහිමි වන බවට අනතුරු ඇඟවීමක් අද (21) පාර්ලිමේන්තුවේදී සිදු වුණා.

මෙම අනතුරු ඇඟවීම කළේ මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයායි.

ප්‍රතිචාරයට හේතුව

ඔහු එම ඇමතිවරු ඇඟවීම කළේ විපක්ෂ නායක වරයා පාර්ලිමේන්තුවේ ඇසූ ප්‍රශ්නයකට අමාත්‍යවරයා පිළිතුරු දෙමින් සිටියදී ඊට රංජිත් මද්දුමබණ්ඩාර මහතා බාධා කිරීම හේතුකොටගෙන.

මද්දුමබණ්ඩාර මහතාට එම ධුරය අහිමි වන බව සඳහන් කළත් ඊට හේතුව කුමක්දැයි අමාත්‍යවරයා සඳහන් කළේ නැහැ.

ඉවත් කිරීමට හේතුව

එහෙත් අමාත්‍යවරයා ඒ බැව් සඳහන් කිරීමට ඇත්තේ ඩයනා ගමගේ මන්ත්‍රීවරිය සමගි ජන බලවේගයෙන් ඉවත් කිරීම මුල් කොටගෙන බවයි පෙනෙන්නට තිබෙන්නේ.

එම පක්ෂය ඩයනා ගමගේ මන්ත්‍රීවරියට සහ ඇගේ ස්වාමි පුරුෂයාට අයත් වීමත් ඩයනා ගමගේ මන්ත්‍රීවරිය එම පක්ෂයේ උප ලේකම්වරියද වනවා.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 21 October 2021 12:09

Related items