පැවැත්වීමට නියමිත ඉදිරි මැතිවරණය ඉලක්ක කොට ගෙන නව සන්ධානයක් නිර්මාණය කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.
මේ බව පවසා සිටියේ එම පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා යි.
එම පක්ෂයේ වන්නි දිස්ත්‍රික් සමුළුව වව්නියාවේ දී අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් අනාවරණය කළේ නිර්මාණය කිරීමට නියමිත සන්ධානයට තවත් දේශපාලන පක්ෂ රැසක්ම එක් වීමට නියමිත බව යි.
රට වෙනුවෙන් වැඩ කිරීමට හැකි සහෝදර දේශපාලන පක්ෂ රාශියක් එලෙස එකතුවන බව යි ඔහු සඳහන් කළේ.
මෙම සන්ධානය හරහා ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීමට කටයුතු කරන බව ද ඔහු පැවසුවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේවන විට රට වටේ යමින් සිටින බවත්, එලෙස පක්ෂ සංවිධාන කටයුතු සිදු කරන්නේ අනාගතයේ දී ආණ්ඩුවක් පිහිටුවීමේ බලාපොරොත්තුව ඇතුව බව ද සිරිසේන මහතා අවධාරණය කොට සිටියා.
එමෙන්ම ඔහු සිහිපත් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේවන විට ආණ්ඩුවට සම්බන්ධ පක්ෂයක් බව යි.
එබැවින් ආණ්ඩුවට කරදර නොකරන බව සඳහන් කළ හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ එලෙස කරදර නොකරන නමුත් රටේ ජනතාවගේ ප්‍රශ්ණ කතා කිරීමට සිය පක්ෂය කටයුතු කරන බව යි.