April 28, 2024

ඩයනා දන්නෙත් නෑ : පක්ෂයට මධ්‍යම කාරක සභාවක් ලේකම් මද්දුම බණ්ඩාර පත් කරලා Featured

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමේදී ආණ්ඩුවත් සමග ඡන්දය දුන් සමගි ජන බලවේගය ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය නිසා ඇති වී තිබෙන සමගි ජන බලවේගයේ තීන්දු තීරණ ගැනීමේ බලය පිළිබඳව ප්‍රශ්නය මේ වන විට නිරාකරණය වී තිබෙන බව දැනගන්නට තිබේ.

තමා පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් බවත් පක්ෂය හිමිකාරිත්වය තිබෙන්නේ තම ස්වාමි ස්වාමිපුරුෂයාට බැවින් තමාට එරෙහිව කිසිදු විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට පක්ෂයට නොහැකි බව ඩයනා ගමගේ මහත්මිය ප්‍රසිද්ධියේම ප්‍රකාශ කොට තිබේ.

දැනගන්නට තිබෙන ආකාරයට ඩයනා ගමගේ මහත්මියට එරෙහිව විනය පියවරක් ගැනීම අනුමත කළ ගත යුතු මධ්‍යම කාරක සභාවක් සමගි ජන බලවේගය සතුව තිබෙන බවත් එහි සාමාජිකයන් නම් කර තිබෙන්නේ පක්ෂයේ මහ ලේකම්වරයා වන රංජිත් මද්දුම බණ්ඩාර මහතාය.

රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් නම් කොට තිබෙන සමගි ජන බලවේගය මධ්‍යම කාරක සභාවට අයත් වන සාමාජිකයන් සමන්විත වන්නේ ඔහුගේ පවුලේ කිට්ටුවන්තයින්ගෙන් බව ද ආරංචි මාර්ග සඳහන් කරයි.

ඩයනා ගමගේ මහත්මිය කුමන කාරණා කිව්වත් ඇයට එරෙහිව විනය පියවරක් ගැනීමට සමගි ජන බලවේගයට කිසිදු බාධාවක් නොමැති බව එම පක්ෂ ආරංචි මාර්ග සදහන් කරයි .

Last modified on Saturday, 31 October 2020 11:32

Related items