April 28, 2024

"ජනපති ගත්තේ වැරදි තීන්දුවක්" - හිටපු ඇමැති කියයි

December 19, 2021

රටේ අර්බුධයක් ඇති වෙලාවක පාර්ලිමේන්තු වාර අවසන් කිරීම වැරදි ක්‍රියාමාර්ගයක් බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.

මේ අවස්ථාවේ පාර්ලිමේන්තුව රැස් කර මේ පිළිබඳව සාකච්ජා කල යුතු බවද අවධාරණය කර සිටියා.

ඒ ඊයේ (18) හොරණ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.

එහිදී ඒ මහතා මෙසේද අදහස් දක්වා සිටියා,

"අද වෙන කොට රට විශාල මූල්‍ය අර්බුදයකට මුහුණපාලා තියෙන්නෙ. බඩු ටික ගේන්න විදේශ විනිමය ඩොලර් ටික නැහැ. අවශ්‍යතාවයන්ට මුදල් නැහැ. ලෝකයේ ශ්‍රේණිගත කිරීම් වලින් පහළටම බැහැලා. අපි අහනවා ජනාධිපතිතුමාගෙන් ඇයි මෙවැනි වෙලාවක පාර්ලිමේන්තුව කල් දැම්මේ. හරි විදිහට නම් පාර්ලිමේන්තුව රැස් වෙලා මේවා ගැන සාකච්ඡා කරන්න ඕන වෙලාවක් තියෙන්නේ. නමුත් ජනාධිපති අද නැවත වරක් වැරදි තීන්දුවක් අරගෙන තියෙනවා. අපි දන්නෙ නැහැ ඇතුලේ තියෙන ප්‍රශ්න නිසා ද කියලා. අපි ජනාධිපතිට කියනවා වහාම පාර්ලිමේන්තුව රැස් කරන්න. මේ මූල්‍ය අර්බුදය රටේ ඩොලර් හිඟය ගැන කතා කරන්න මන්ත්‍රීවරුන්ට අවස්ථාව දෙන්න කියලා අපි ඉල්ලනවා. මේ වගේ මූල්‍ය අර්බුදයක් තියෙන වෙලාවක පාර්ලිමේන්තුව රැස් කරලා සාකච්ඡා කරන්න ඕන. අපි දන්නේ නෑ රජයේ හොරකම් සම්බන්ධව රජයේ වැරදි සම්බන්ධව පාර්ලිමේන්තු කාරක සභාව කතා කරද්දි ඒ සම්බන්ධව විභාග කරද්දි ආණ්ඩුවට ඕන කමක් තියෙනවද දන්නෑ ඒවා නවත්තගන්න."

Rate this item
(0 votes)
Last modified on Saturday, 18 December 2021 23:02

Related items