May 13, 2024

අත්අඩංගුවට ගත් මන්ත්‍රී පොලීසිය ඇතුළේ මිය යයි - චෝදනාව බරපතලයි (CCTV)

December 18, 2021

හුංගම පොලීසිය අත්අඩංගුවට ගත් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු පොලීසිය තුළදී මියයෑමේ සිද්ධියක් වාර්තා වී තිබෙනවා.

හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වන ප්‍රේමතිලක අමරවීර නමැති 62 හැවිරිදි පුද්ගලයෙකු එලෙස අද හුංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ පෝය දිනයේ මත්පැන් අලෙවි කළේ යැයි චෝදනාවක් මතයි.

අත්අඩංගුවට ගත් සැකකාර හිටපු ප්‍රදේශීය සභා මන්ත්‍රීවරයා හුංගම පොලීසියට රැගෙනවිත් මද වේලාවකට පසු සිරමැදිරිය තුළ ඇඳ වැටී තිබෙනවා.

පසුව සැකකරු රන්න රෝහලට ඇතුළත් කෙරුණු අතර ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව  ප්‍රකාශ කළා.

සැකකරු මියයාමත් සමග ඔහුගේ ඥාතීන් ඇතුළු පිරිසක් කොළඹ කතරගම ප්‍රධාන මාර්ගය රන්න ප්‍රදේශයෙන් අවහිර කරමින් විරෝධතාවක් ආරම්භ කළා.

Rate this item
(0 votes)