May 03, 2024

මැදගම වෙඩි තැබීමක්

මැදගම - මීගහවතුර ප්‍රදේශයේදී ත්‍රිරෝද රථ රියදුරෙකුට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා තිබෙනවා.

ඊයේ (4) රාත්‍රී සිදු වූ මෙම වෙඩි තැබීමෙන් ත්‍රිරෝද රථ රියදුරු බරපතළ තුවාල ලබා මොණරාගල රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

ඔහු 45 හැවිරිදි මැදගම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

වෙඩි ප්‍රහාරය එල්ල කළ යතුරුපැදිකරුවන් පලා ගොස් ඇති අතර, සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

Rate this item
(0 votes)