April 28, 2024

ප්‍රවෘත්තිය පිළිබඳව සමගි ජනබලවේග මහ ලේකම්ගෙන් ප්‍රතිචාර

"සජිත් පිලේ 19 ක් සජිත් සමග අවුලක - නම් ලයිස්තුවත් එලියට" යන ශීර්ෂ පාඨය යටතේ ඒෂියන් මිරර් පළ වූ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රතිචාර දක්වයි.

සමගි ජන බලවේගය මහ ලේකම්වරයා සඳහන් කරන්නේ එම ප්‍රවෘත්තියේ ඇති කරුණු වල කිසිදු සත්‍යතාවයක් නොමැති බවය.

ඒෂියන් මිරර් හී පලවන ප්‍රවෘත්තියක් පිළිබඳව ප්‍රතිචාර දැක්වීමට ඊට අදාළ ඕනෑම පාර්ශවයකට තිබෙන අයිතියට ගරු කරන අතර අදාල ප්‍රවෘත්තියේ අන්තර්ගතයේ ඇති කරුණු වල සත්‍යතාවය ප්‍රවෘත්තියේ නම් සඳහන් මන්ත්‍රීවරුන්ගෙන් නොව එහි නම් සදහන් නොවන සමගි ජනබලවේගයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකුගෙන් දැනගත හැකි බවද දන්වනු කැමැත්තෙමි.

පෙර පළ වූ පුවත සඳහා මෙතන ක්ලික් කරන්න

Rate this item
(2 votes)
Last modified on Saturday, 05 June 2021 21:42