April 29, 2024

"දෙවියන්ට බාරදෙන්න නම් ආණ්ඩුවක් මොකටද?" - රංජිත් මද්දුමබණ්ඩාරගෙන් ඇමැති කෙහෙළියට පිළිතුරු

කොරෝනා වසංගතයේ සීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ ජන ජීවිත ආරක්ෂා කර ගැනීමට රට වසා දැමීමට විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් උපදෙස් ලබා දෙද්දී රට වසා දැමීමට ආණ්ඩුව පියවර නොගන්නේ ඇයි දැයි විපක්ෂය ප්‍රශ්න කර සිටින බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසුවා.

කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කළා. 

දෙවියන්ට රට සහ ජන ජීවිත භාර දෙන තරමට ආණ්ඩුව අසමත්ව ඇතැයි ද මහ ලේකම්වරයා සඳහන් කළා.

ආර්ථිකය ද ජනතාවගේ ජීවිත ද කියා ආණ්ඩුව කඩිනමින් තීන්දුවක් ගත යුතුව ඇතැයි ද පැවසුවා.

ගජ මිතුරන්ට බිලියන ගණන් සහන දී රටේ ආර්ථිකය විනාශ කළ ආණ්ඩුව අද ජනතාවගේ ජීවිත විනාශ කරමින් සිටින බවත් මහ ලේකම්වරයා එහිදී සඳහන් කළා.

මේ මොහොතේ රජයේ වැඩි අවධානය යොමුව ඇත්තේ ඉක්මනින්ම ජනතාව එන්නත්කරණට ලක් කිරීම බැවිනි අවශ්‍ය පහසුකම් ලබාදීමෙන් පසු ඉදිරිය දෙවියන්ට භාර දෙන බවද කැබිනට් ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළා.

එයට පිළිතුරු ලබා දෙමින් සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා මෙම අදහස් පළ කර සිටියා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 11 August 2021 20:20