April 28, 2024

“ශානි අබේසේකරට කොරෝනා - මේක ආණ්ඩුවේ පළිගැනීමක්”

November 27, 2020

අද (27) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී සමගි ජන බලවේග මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කර සිටියේ ශානි අබේසේකර යනු අති දක්ෂ නිලධාරියෙකු බවයි.

මද්දුමබණ්ඩාර මහතා වැඩිදුරටත් කියා සිටියේ ශානි අබේසේකර මහතා රිමාන්ඩ් සිරගෙදර සිටින විට කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනා ගෙන ඇති බවයි.

ඔහුව කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇත්නම් ආරක්ෂාව යටතේ ඔහුට වෛද්‍ය ප්‍රතිකාර ලබා දිය යුතු බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියේය.

කොවිඩ් ආසාදිතයෙක් කිලෝ මීටර් 200ක් පමණ ඈතින් ඇති වැලිකන්ද වෙත රැගෙන ගොස් ඇති බවත් කොවිඩ් ආසාදිතයෙකු මෙලෙස රැගෙන යා හැකිද යන්නත් මන්ත්‍රීවරයා ප්‍රශ්න කර සිටියේය.

මෙය දේශපාලනික පළිගැනීමක් ලෙස දකින බවද ඔහු කියා සිටියේය.

අපරාධ විමර්ශන කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂකවරයා වන ශානි අබේසේකරගේ ජීවිතය පිළිබඳව ආණ්ඩුව වගකීම ගත යුතුව ඇති බවත්, මෙවැනි පළිගැනීම් නොකර ලෙසත් ඔහු එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර සිටියේය.




Rate this item
(0 votes)