May 17, 2024

ජනපති පැමිණි හෙළිකොප්ටරය වීඩියෝ කළ රියදුරෙකු අත්අඩංගුවට

September 16, 2016

ජනාධිපති මෛත්‍රිපාල මහතා රැගත් හෙලිකොප්ටරය බම්බලපිටියේ ක්ෂේත්‍ර බලකා මූලස්ථාන පිටියට බැස්සවීමේදී ලොරියක සිට එය වීඩියෝ ගතකල වැල්ලවත්තේ 26 හැවිරිදි රියදුරෙකු පොලීසියෙන් සැකපිට අද (16) අත්අඩංගුවට ගෙන තිබේ. 

තමා ආසාවට එය වීඩියෝ ගතකල බව ඔහු ප්‍රකාශ කර තිබේ. ලිඳුලේ පදිංචිකරුවෙක් වන මොහු වැල්ලවත්තේ නතරවී සිටින ලොරි රියදුරෙකු බව හඳුනාගෙන ඇත.

මොහු ගැන ත්‍රස්ත විමර්ෂණ අංශය හා රහස් පොලිසිය පරික්ෂණ අරඹා ඇත. 

ජනපති රත්නපුරේ ගොස් එමින් සිටියදී මෙය සිදු වු බව වාර්තා වෙයි.

Rate this item
(0 votes)