May 04, 2024

ඉඩම් නිදහස් නොකළොත් ආණ්ඩුවට එරෙහිවීමට දෙමළ සන්ධානය සූදානම්

උතුරේ සාමාන්‍ය වැසියන්ට අයත්ව තිබූ ඉඩම් හා දේපල නිදහස් කර දීමට වර්තමාන රජය කටයුතු නොකරන්නේ නම් දෙමළ ජාතික සන්ධානය පක්ෂයක් ලෙස ඊට එරෙහිව නැගී සිටින බව යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා සඳහන් කරයි.

ඒ මහතා මේ බව කියාසිටියේ ඊයේ (02) යාපනය වලිකාමම් නැගෙනහිර පළාතේ දී රජයේ පාසල් 2ක් විවෘත කිරීම සඳහා පැවති උත්සවයකදී ය.

මෙම අවස්ථාවේ අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, රජය වලිකාමම් පළාතේ පිහිටි පාසල් 2ක් නිදහස් කොට දෙන ලද නමුත් එම පළාත්වල සාමාන්‍ය වැසියන්ට අයත් ඉඩම් යළි පදිංචිය පිණිස නිදහස් කොට නොමැති බව සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියාසිටියේ උතුරේ වැසියන්ට අයත් ඉඩම් හා දේපල නිදහස් කරදෙන ලෙස රජයට බලපෑම් කරන බවත් එය එසේ සිදු නොවන්නේ නම් ජාත්‍යන්තරයට මෙම ප්‍රශ්නයේ සැබෑ තොරතුරු ඉදිරිපත් කොට ඔවුන් ලවා රජයට බලපෑම් ඇති කරවන බවත් ය.

දියසේන රතුගමගේ 

Rate this item
(0 votes)
Last modified on Friday, 03 June 2016 11:41