May 03, 2024

'බෝම්බ පාර්සලයේ වැල්ලවත්ත කියලා ගහලා තිබුණා' (VIDEO)

ඊයේ  හමු වූ මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම ඔතා තිබූ පාර්සලයේ "වැල්ලවත්ත" යනුවෙන් සටහන්ව තිබූ බවත්, මෙය වැල්ලවත්ත ප්‍රදේශයේ ඉලක්කයක් වෙත ගෙන එන්නට සූදානම් කර තිබූ බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේ ය.

වීඩියෝව සඳහා ක්ලික් කරන්න > > > 

එම පෙරමුණ විසින් අද (31) උදෑසන කැඳවා තිබූ මාධ්‍ය හමුවක් අතරතුර වීරවංශ මහතා මේ බව පැවසුවේ ය.

උතුරේ ආරක්ෂක හමුදා කඳවුරුවලට සීමාකර තිබෙන බවටත්, බුද්ධි අංශය අඩපණ කර තිබෙන බවටත් රජයට චෝදනා කළ ඒ මහතා, මෙවන් පසුබිමක් තුළ LTTE සංවිධානයට නැවතත් හිස එසවිය හැකි වාතාවරණයක් සැකසී ඇති බවත්, ඉන් ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බවත් ප්‍රකාශ ක‍ළේ ය.

වත්මන් ආරක්ෂක ලේකම්වරයා එම ධූරයට කිසිසේත් නොගැලපෙන පුද්ගලයෙකු බව ඔහු පැවසූ අතර ජාතික ආරක්ෂාවත් සමග සෙල්ලම් නොකරන ලෙස ද රජයෙන් ඉල්ලා සිටියේ ය.

එමෙන්ම මෙම වැටලීම පොලීසිය විසින් සංවිධානාත්මකව සිදු කළ එකක් නොවන බවත්, අදාළ නිවසේ ගංජා තිබෙන බවට සැකකරුගේ අනියම් බිරිඳක විසින් පොලීසියට කරන ලද වැටලීමකට අනුව මෙම බෝම්බ හමු වූ බවත් ඔහු ප්‍රකාශ කළේ ය.

දවසින් දවස ඔප්පු වන්නේ වත්මන් පාලකයින්ට රට පාලනය කිරීමට ඇති නොහැකියාව බවයි විමල් වීරවංශ මහතා වැඩි දුරටත් පැවසූවේ.

වීඩියෝව පහතින්.

Rate this item
(1 Vote)