May 12, 2024

රට විනාශ කිරීමේ මෙහෙයුම් 3ක් ගැන විමල්ගෙන් හෙළිදරව්වක් (VIDEO)

මේ වනවිට රට විනාශ කිරීමේ මෙහෙයුම ආකාර 03කින් ක්‍රියාත්මක වෙමින් පවතින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව කියාසිටියේ ඊයේ (14) විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේ දී "ව්‍යවස්ථා මර උගුල හා ජාතියේ අවමගුල"තේමාවෙන් යුතු දේශන මාලවේ පළමු වැන්නේ දී අදහස් දක්වමිනි.

එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, " මේ මෙහෙයුම ආකාර තුනකින් ක්‍රියාත්මක වෙනවා. ඒ ආර්ථිකමය වශයෙන් අසමත් කිරීම. රාජ්‍ය දේශපාලනමය වශයෙන් බෙලහීන කිරීම, ආරක්ෂාව අතින් බෙලහීන කිරීම" යි කියාසිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා ප්‍රකාශකළේ යහපාලන ආණ්ඩුව ආරම්භයේදීම මෙලෙස බදු වැඩිකිරීම්, නීතිය අවභාවිතයට ලක්කිරීම් සිදුකරන බවත් මීට පෙර මෙවන් අවස්ථාවලදී ඒවාට එරෙහිව නැගී සිටින ජනතා විමුක්ති පෙරමුණ ද දැන් වෙනත් ක්‍රියාවන්හි නිරත වන බවත්ය.

වීඩියෝව පහතින්.

Rate this item
(0 votes)
Last modified on Friday, 15 July 2016 10:39