May 13, 2024

විමල්ගේ සොයුරා අත්අඩංගුවට ගන්න ගිය පොලීසිය ආපසු එයි

ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ නිවාස අධිකාරියේ වාහන අවභාවිතය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ සොයුරු සරත් වීරවංශ මහතාට එරෙහිව සිදුකරව පරීක්ෂණයක් සම්බන්ධයෙන් අද (12) දින මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිළධාරීන් කණ්ඩායමක් ඔහුව අත්අඩංගුවට ගැනීමට ඒ මහතාගේ නිවසට ගිය ද ආපසු හැරී ආ බව පොලීසිය සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට ඊයේ (11) දිනයේ දී එම කොට්ඨාශය වෙත පැමිණෙන ලෙස සරත් වීරවංශ මහතාට දැනුම් දී තිබුණ ද අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු නොපැමිණුනු බව එහි නිළධාරීන් කියාසිටියේය.  

අද දිනයේ ද එම නිළධාරීන් ආපසු පැමිණ ඇත්තේ ඔහු අසනීප තත්ත්වයෙන් පෙලීම නිසාවෙනි. 

කෙසේවුවද මූල්‍ය අපරාධ කොට්ඨාශය සඳහන් කළේ ඉදිරියේ දී ඔහුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 12 July 2016 17:19