May 13, 2024

විමල්, ගම්මන්පිල, නාමල් ඇතුළු පිරිසක් වැලිකඩට

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු පිරිසක් අද (19) රක්ෂිත බන්ධනාගාරගතව සිටින රණවිරුවන් පිරිසකගේ සුවදුක් විමසීමට වැලිකඩ බන්ධනාගාරයට ගොස් ඇති බව වාර්තා වේ.

ඒ ඊයේ (18) දිනයට යෙදී තිබූ යුද විජයග්‍රහණ සැමරුමට සමගාමීවය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ මහතා, බන්දුල ගුණවර්ධන මහතා, ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, උදය ගම්මන්පිල මහතා, ප්‍රසන්න රණගුංග මහතා සහ නාමල් රාජපක්ෂ මහතා ද එක්ව සිටියහ.

මෙහිදී අදහස් දැක්වූ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කියාසිටියේ වර්තමාන ආණ්ඩුව අද වනවිට යුද්ධය නිමා කළ රණවිරුවන් අමතක කර ඇති බවයි.

මේ අතර, ඒකාබද්ධ විපක්ෂය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද කුරුණෑගල දී පැවැත්වීමට තිබූ රණවිරු සැමරුම් උත්සවය අයහපත් කාලගුණය හේතුවෙන් අවලංගු කර ඇති බව ද වාර්තා වේ.

Rate this item
(0 votes)
Last modified on Thursday, 19 May 2016 14:54