May 08, 2024

ජනපති හදිසියේ සන්ධාන විධායක සභාව කැඳවයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාව අද (08) රාත්‍රියේ කැඳවීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කර තිබේ.

නව සන්ධාන මහලේකම්වරයා පත් කිරීම ඇතුළු සන්ධානයේ ඉදිරි කටයුතු පිළිබඳව මෙහි දී අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන බව වාර්තා වේ.

මහලේකම් ධූරය සඳහා මේ වන විට නම් 5ක් යෝජනා වී ඇති බව සන්ධාන ආරංචි මාර්ග සඳහන් කරන අතර එස්.බී. දිසානායක, සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශණ යාපා, මහින්ද අමරවීර සහ ඩිලාන් පෙරේරා එම යෝජිත නාමයන් වේ.

පසුගිය වසරේ මාර්තු මාසයෙන් පසුව සන්ධාන විධායක සභාව රැස්වන පළමු අවස්ථාව මෙය වන අතර සන්ධානය නියෝජනය කරන සියළු පක්ෂවලට මෙයට සහභාගී වන ලෙස දැණුම් දී ඇති බව වාර්තා වේ.

 

Rate this item
(0 votes)