May 04, 2024

පොහොර ප්‍රශ්නයට ජනපතිගෙන් විසඳුමක් - පොහොර මිල 2500ට සීමාවෙයි

February 29, 2016

රජය විසින් ගොවීන් සඳහා නිකුත් කරනු ලබන කිලෝග්රෑම් 50ක පොහොර මිටියක මිල වහාම ක්‍රියාත්මක වන පරිදි රු.2500ක මිලට සීමා කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී ඇති බව වාර්තා වේ.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදී ඇත්තේ අද (29) පෙරවරුවේදී බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ඊයේ (28) පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා සඳහන් කළේ වී මිලදී ගැනීමේදී සහ පොහොර සහනාධාරය ලබාදීමේදී ගොවි ජනතාවට ඉටුකළ හැකි උපරිම සහනය ඉටුකිරීමට තමා පෞද්ගලිකව ද කැපවන බවයි.

ඊට සහභාගීවූ ගොවි සංවිධාන නියෝජිතයින් වී අළෙවිකර ගැනීමේදී සහ පොහොර ලබා ගැනීමේදී තමන් මුහුණදී ඇති ගැටළු පිළිබඳව ජනධිපතිවරයාට දිර්ඝ වශයෙන් කරුණු දක්වා තිබේ.

Rate this item
(0 votes)