May 17, 2024

දෙමළ ජාතික ගීයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

February 27, 2016

ශ්‍රී ලංකාවේ ජාතික ගීය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 03 වැනි උපලේඛනයේ සඳහන් ආකාරයට සිංහල භාෂාවෙන් සහ සිංහල වචනවලින්ම පමණක්‌ ගායනා කළ යුතු බවට තීන්දු ප්‍රකාශයක්‌ නිකුත් කරන්නැයි ඉල්ලමින් පුද්ගලයින් 03ක් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්‌ ගොනුකර තිබේ. 

නිදහස් දිනය සමරා පැවැත්වූ ජාතික උත්සවයේ දී ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම ව්‍යවස්ථාවට පටහැනි බවත්, එමගින් පුද්ගලික මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇතැයි ප්‍රකාශ කරන ලෙසත් ඉල්ලමින් ජනාධිපතිවරයාට සහ නීතිපතිවරයාට එරෙහිව ඊයේ (26) ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු විය.

මෙසේ පෙත්සම ගොනුකළේ කැළණිය ගල්බොරැල්ල පදිංචි විතානගේ සංජීය සුදත් පෙරේරා, පෑලියගොඩ පදිංචි ප්‍රදීප් ආසිරි සොයිසා සහ කැළණිය පදිංචි දොන් ප්‍රේමරත්න යන අයයි.

Rate this item
(0 votes)
Last modified on Saturday, 27 February 2016 10:09