May 06, 2024

අද රාත්‍රී කාලගුණය ගැන අනතුරු ඇඟවීමක්!

February 25, 2016

අද රාත්‍රියේ දිවයිනේ කාලගුණ තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

ගිගුරුම් සහිත තද වැසි ඇතිවුවහොත් අද රාත‍්‍රියේදී තද සුළං තත්ත්වයක් ඇතිවිය හැකි බව යි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

ඇතැම් විට අහස වළාකුලින් බරව පැවතීම නිසා වේගවත් යටි සුළං ධාරාවන් වර්ධනය වීමට හැකි වන බව ද පැයට කිලෝමීටර් 80 පමණ වේගයක් සහිත තද සුළං ඇතිවිය හැකි බව ද ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.

එමෙන්ම ගොඩබිම මෙන්ම මුහුදු ප‍්‍රදේශවලද තද සුළං ඇතිවිය හැකි බැවින් ධීවර හා නාවික කටයුතුවලදී ද අවධානයෙන් කටයුතු කළ යුතු බවට ද අකුණු අනතුරු ද ඇති විය හැකි බැවින් ඒ පිළිබඳව සැළකිලිමත් වන ලෙස ද දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

මේ අතර ටොනේඩෝ තත්ත්වයන් ද වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පවසයි.

Rate this item
(0 votes)