May 04, 2024

ජනපති අද ජර්මනියට

February 15, 2016

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (15) තෙදින නිළ සංචාරයක් සඳහා ජර්මනිය බලා පිටත්ව යාමට නියමිත බව වාර්තා වේ.

ශ‍්‍රී ලංකාව සහ ජර්මනිය අතර ආර්ථික සහ වෙළඳ සහයෝගීතාව වර්ධනය කර ගැනීම මෙම සංචාරයේ අරමුණ වී තිබේ.

ජනාධිපතිවරයා පිළිගැනීම සඳහා ජර්මනියේදී විශේෂ උත්සවයක් සංවිධාන කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි. එය ඇන්ජලා මාර්කල් චාන්සලර්වරියගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

ජනාධිපතිවරයා ජර්මානු ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමට නියමිත අතර ලබන 17 වනදා ජනාධිපතිවරයා වෙනුවෙන් ජර්මානු රජයේ උත්තමාචාර පිළිගැන්වීමේ වැඩසටහනක් ද පවත්වන බව වාර්තා වේ.

TKG කපිල

Rate this item
(0 votes)
Last modified on Monday, 15 February 2016 14:12