May 22, 2024

"අපිව නෙරපන්න තරම් නායකතුමා අධර්මිෂ්ඨ නැහැ" - වෙල්ගම

February 12, 2016

තමන් ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ කිහිපදෙනා නෙරපා දැමීමට තරම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා "අධර්මිෂ්ඨ" නැති බව හිටපු ප්‍රවාහන අමාත්‍යය කුමාර වෙල්ගම මහතා පවසයි.

ඔහු මේ බව කියාසිටියේ ඒකාබද්ධ විපක්ෂයේ සිටින මන්ත්‍රීවරු කිහිප දෙනෙකු පක්ෂයෙන් ඉවත් කිරීමට ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව කටයුතු කරමින් සිටින බවට පළ වූ වාර්තා වලට ප්‍රතිචාර දක්වමිනි.

මේ පිළිබඳව අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් කියාසිටියේ තමන් ශ්‍රීපනිපයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් බවත් වසර 34 ක් ආසන සංවිධායකවරයෙක් ලෙස කටයුතු කළ බවත් තමන් මෙන් පිරිසිදුව පක්ෂය වෙනුවෙන් සිටින අය මේ වනවිට පක්ෂයේ නොමැති බවත් ය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (12) දින විවෘත කරන නව කාර්යාලයේ අවස්ථාවට තමා ඇතුළු 50 දෙනෙකු සම්බන්ධ වන බව ප්‍රකාශකළ කුමාර වෙල්ගම මහතා එම නිසා නිදහස් පක්ෂය තමන් ඇතුළු පිරිස නෙරපා හැරීමට කටයුතු කළහොත් ප්‍රජාතන්ත්‍රවාදී පුද්ගලයෙකු ලෙස තමාට රිසි තීරණයක් ගන්නා බව ද සඳහන් කළේය.

Rate this item
(0 votes)
Last modified on Friday, 12 February 2016 12:22