May 13, 2024

ෆොන්සේකා අද එජාපයට

February 03, 2016

ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ නායක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අද (03) එක්‌සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ලබාගැනීමට නියමිතව තිබේ.

ඔහු වෙත එජාප ජාතික ලැයිස්‌තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක්‌ ද පිරිනැමීමට තීරණය කර ඇත.

මේ වෙනුවෙන් අද සවස 3.00 ට අරලියගහ මැදුරේදී උත්සවයක්‌ ද පැවැත්වෙන අතර එහි දී ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ නායකයා ලෙස සරත් ෆොන්සේකා මහතා ද එක්‌සත් ජාතික පක්ෂය වෙනුවෙන් එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද අවබෝධතා ගිවිසුමකට අත්සන් කරයි.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා එජාප ජාතික ලැයිස්‌තු මන්ත්‍රීවරයකු ලෙස මෙම මස 09 වැනිදා පාර්ලිමේන්තුවේදී දිවුරුම් දීමට නියමිතය.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 03 February 2016 20:26