May 02, 2024

මෛත්‍රී ඝාතනයට තැත් කළ කොටි සැකකරුට ජනපති සමාව

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වසර 2005 – 2006 අතර කාලයේ මහවැලි අමාත්‍යවරයාව සිටියදී පොළොන්නරුව මනම්පිටිය ප්‍රදේශයේ දී ක්ලේමෝ බෝම්බයක් අටවා ඝාතනය කිරීමට තැත් කළ LTTE සැකකරුට ජනාධිපති සමාව දීමට නියමිත බව වාර්තා වේ.

අදාළ සැකකරුට වසර 10ක සිරදඬුවමක් සහ රුපියල් දසදහසක දඩයක් පොළොන්නරුව මහාධිකරණය මගින් නියම කර තිබු අතර එම දඬුවමට එරෙහිව විත්තිකරු විසින් නීතීඥවරුන් මගින් මීට පෙර අභියාචනයක් ඉදිරිපත් කර තිබුණි.

එම අභියාචනය ඉල්ලා අස්කර ගැනීමට අවසර ඉල්ලා විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් අද අභියාචනාධිකරණයට මෝසමක් ඉදිරිපත් කර ඇති අතර මෝසම ඉදිරිපත් කරමින් විත්තියේ නිතීඥවරුන් අධිකරණයට දැනුම්දී ඇත්තේ  විත්තිකරුට ජනාධිපති සමාව ලබාදීමට නියමිත බැවින් දඬුවමට එරෙහි අභියාචනය ඉල්ලා අස්කර ගන්නා බවයි.

කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය අදාළ අභියාචනය ඉල්ලා අස්කර ගැනීමට අවසර දී තිබේ.

Rate this item
(0 votes)
Last modified on Thursday, 07 January 2016 14:54