June 14, 2024

පකිස්තානු අගමැතිගේ පැමිණීමෙන් රථවාහන ගමනාගමනය සීමාවෙයි

පාකිස්තානු අග‍මැති නවාස් ෂරීෆ් මහතා අද (04) දිවයිනට පැමිණීමට නියමිතය. ඔහුගේ  ශි‍්‍ර ලංකා සංචාරය හේතුවෙන් මාර්ග කිහිපයක අද (04)  සහ හෙට (05) යන දෙදින තුළ රථ වාහන ගමනාගමනය සීමා කිරීමට සිදුවන බව රථවාහන පොලීසිය දන්වා සිටී.

2016.01.04 පස්වරු 04.00 සිට පස්වරු 06.00 පමණ දක්වා

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිට කටුනායක පෑලියගොඩ අධිවේගී මාර්ගය, බණ්ඩාරණායක වටරවුම, බේස් ලයින් පාර, මරදාන හංදිය, ඩාලි පාර, ගාමිණි වටරවුම, ඩී.ආර් විජේවර්ධන මාවත, රීගල් වටරවුම, පාසන් පාර, කොම්ප‍‍්‍ඤ්ඤවීදිය පොලීසිය වටරවුම දක්වා

2016.01.05 වන දින පෙරවරු 08.30 සිට පෙරවරු 10.00 පමණ දක්වා

පාසන් පාර සිට රීගල් වටරවුම, බැංකු මාවත, ජනාධිපති මාවත, ගාලු පාර දක්වා

2016.01.05 වන දින පෙරවරු 11.00 සිය පස්වරු 12.30 පමණ දක්වා

NSA වටරවුම සිට ගාලු පාරේ කොල්ලුපිටිය හංදිය දක්වා

2016.01.05 වන දින පස්වරු 01.30 සිට පස්වරු 02.00 පමණ දක්වා

කොල්ලුපිටිය හංදිය සිට ගාලු පාර, NSA වටරවුම, ලෝටස් පාර, සෙරමික් හංදිය, රීගල් වටරවුම, පාසන් පාර, කොල්ලුපිටිය පොලීසිය ඉදිරිපිට වටරවුම දක්වා

 

 

Rate this item
(0 votes)
Last modified on Monday, 04 January 2016 12:49