May 17, 2024

කොටුව අවට රථවාහන තදබදයක්

විශ්‍රාමික  යුධ හමුදා සෙබළුන් පිරිසක් විසින් ආරම්භ කර ඇති විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් මේ වනවිට කොළඹ ලෝටස් පාර ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක් ඇති බව වාර්තා වේ.

තමන්ට තිබූ සුබ සාධන දීමනා හා විශ්‍රාම වැටුප කපා හැර ඇතැයි පවසමින් ඊට විරෝධය දැක්වීමට විශ්‍රාමික යුධ හමුදා සෙබළුන් පිරිසක් අද (25) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

පසුගියදා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග පැවැත්වූ සාකච්ඡා අසාර්ථක වූ බවත් මෙතෙක් පැවති රණවිරු සුබසාධන කටයුතු ද නතර වී ඇති බවත් පවසමින් ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 25 July 2016 12:25