May 17, 2024

කොළඹ - රත්නපුර දුර ගමන් සේවා ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

පසුගියදා සලාව යුද හමුදා කඳවුරේ ගින්නෙන් පසු පුවක්පිටිය හා මීපේ අතර තාවකාලිකව වසාදැමුණු මාර්ග අංක 12 ඔස්සේ කොළඹ - රත්නපුර මාර්ගයේ වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බව සබරගමු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සඳහන් කරයි.

එහි දිස්ත්‍රික් කළමණාකාර ගාමිණී ශ්‍රියානන්ද මහතා කියාසිටියේ ඒ අනුව රත්නපුරෙන් කොළඹ බලා ධාවනය වන අලුත් පාර සහ පරණ පාර හරහා යන සෑම බස් රථයක්ම රත්නපුර - පානදුර ඔස්සේ ඉංගිරියට ගොස් ඉංගිරියෙන් පාදුක්ක හරහා ගොඩගම හන්දියට පැමිණ එතැනින් හයිලෙවල් මාර්ගයට එක්වන බවයි.

නැවත දැනුම් දෙනතුරු රත්නපුර හරහා කොළඹට එන සහ කොළඹින් රත්නපුර හරහා බදුල්ල, බලන්ගොඩ, මොණරාගල, අම්පාර, ඇඹිලිපිටිය, රක්වාන ආදී ප්‍රදේශවලට ගමන් කරන පොදු මගී ප්‍රවාහන සේවා එලෙසම ක්‍රියාත්මක බව ද ඒ මහතා සඳහන් කළේය.

එමෙන්ම අවිස්සාවේල්ලෙන් කෑගල්ල පාරේ කරවනැල්ලට ගොස් එතැනින් වරකාපොලට පැමිණ නුවර පාරට සම්බන්ධ වී කොළඹට ළඟාවිය හැකි බව ද ගාමිණී මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය. 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 07 June 2016 14:37