May 17, 2024

රාජගිරිය ගුවන් පාලමේ ඉදිකිරීම් නිසා ගමනාගමනයට බාධා

රාජගිරිය ගුවන් පාලමේ ඉදිකිරීම් නිසා රාජගිරිය මංසන්ධිය අවට වාහන තදබදයක් ඇති විය හැකි බව මහා මාර්ග අමාත්‍යංශය පවසයි.

ගුවන් පාලමේ ඉදිකිරීම් සඳහා මාර්ගය කැණීම හෙට (31) සිට ආරම්භ කිරීමට නියමිතය.

තුන් වන වාරය සඳහා පාසල් විවෘත කිරීමට නියමිතව තිබෙන්නේ ද හෙට දිනයේදීය.

ඒ හේතුවෙන් හෙට දිනයේදී රාජගිරිය මංසන්ධිය අවට අසාමාන්‍ය වාහන තදබදයක් ඇති වීමට ඉඩකඩ ඇති බව මහා මාර්ග අමාත්‍යංශය සඳහන් කරයි.

එය අවම කිරීම සඳහා විකල්ප මාර්ග භාවිතයට රියදුරන්ට පුහුණුවක් ලබාදීමේ අපේක්ෂාවෙන් අදාළ මාර්ගවල වාහන ධාවනය අද (30) සිට සීමා කරන බව මහමාර්ග අමාත්‍යංශය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 30 August 2016 08:47