May 19, 2024

මහ වැස්සෙන් කොළඹ මාර්ග යට වේ (PHOTOS)

December 08, 2015

අද පස්වරුවේ කොළඹ නගරයට තද වැසි ඇද හැලෙමින් තිබෙන අතර මේ හේතුවෙන් කොළඹ නගරයේ මාර්ග ගණනාවක් ජලයෙන් යටවී තිබේ.

මේ නිසා මාර්ග කිහිපයක දැඩි වාහන තදබදයක් පවතින බව පොලීසිය පවසයි.

හෝටන් වටරවුම මාර්ගය, කිංසි පාර, ආර්. ඒ. ඩි මෙල් මාවත, පුස්තකාල වටරවුම, කනත්ත වටරවුම, බාබර් වීදිය සහ ශාලිකා ක්‍රීඩාංගනය අවට මාර්ග කිහිපයක්ද මෙලෙස ජලයෙන් යටවී ඇත.

මෙම අයහපත් කාලගුණයත් සමඟ අකුණු සැර පතිත වීමේ අවධානමක් තිබෙන හෙයින් ඉන් ආරක්ෂා වන ලෙස කාලගුණ විද්‍යා දෙර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

මේ අතර මෙම අධික වැසි තත්ත්වය හේතුවෙන් නුගේගොඩ මංසන්ධියේ මාර්ග ජලයෙන් යට වී තිබුණේ පහත ආකාරයෙනි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 08 December 2015 17:32