May 04, 2024

පොලිතින් අඩු කිරීමට ගැසට් නිවේදනයක්

December 08, 2015

පොලිතින් භාවිතය අවම කිරීම සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් නිකුත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

පොලීතින් භාවිතය සම්බන්ධයෙන් මීට පෙරත් දැනුම්දීම් කර තිබුන ද එය හරියාකාර ව ක්‍රියාත්මක නොවූ බවත් ඒ හේතුවෙන් එය බලාත්මක කිරීමට ජනවාරී 01 වැනිදා නව ගැසට් නිවේදනයක් නිකුත් කරන බවත් හෙතෙම පෙන්වා දෙයි.

පොලිතීන් හේතුවෙන් සිදුවන පාරිසරික විනාශය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බවත් ඒ අනුව අදාළ ගැසට් නිවේදනය නිකුත් කරන බවත් ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේ ය.

 

Rate this item
(0 votes)