May 05, 2024

විධායකය අහෝසි කර ඡන්ද ක්‍රමය වෙනස් කිරීමට ජනපති සූදානම්

November 17, 2015

විධායක ජනපති ධූරය අහෝසි කරන ලෙස ඉල්ලා විශේෂ කැබිනට් පත්‍රිකාවක් ලබන බදාදා (18) දින පැවැත්වෙන ඇමැති මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව පැවසූයේ අද (17) අරලියගහ මන්දිරයේ පැවැත්වෙන ද්විත්ව පුරවැසි භාවය වෙනුවෙන් සහතික පත් බෙදා දීමේ උත්සවයට එක්වෙමිනි.

මැතිවරණ ක්‍රමය සංශෝධනය පිළිබඳව කැබිනට් පත්‍රිකාවක් ද තමාගේ පෞද්ගලික යෝජනාවක් ලෙස බදාදා කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන බව ජනපති කීවේය.

අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ ආදාහන උත්සවයේදී උන්වහන්සේගේ දේහය ඉදිරිපිට විධායක ජනපති ධූරය අහෝසි කරන බවට මීට පෙර ජනපති සපථ කළේය.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 18 November 2015 11:26