May 12, 2024

ෆේස්බුක් නිදහසේ අයුතු භාවිතය ගැන ජනපති කතා කරයි (VIDEO)

වාද්දුවේ බ්ලු වෝටර්හි දී පැවැත්වුණු උසස් අධ්‍යාපනයේ නව දිසාව තේමාව යටතේ වූ සමුළුවේ සමාරම්භක උත්සවය ඊයේ (13) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

අපවත් වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ට ඇතැම් සමාජ මාධ්‍ය තුළ එල්ල වූ අගෞරවාත්මක ප්‍රකාශ පිළිබඳ එහි දී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩි දුරටත් පහත ලෙස අදහස් පළ කළේය. 

"මම දැක්කා සෝභිත හිමියන්ට ඇතැම් සමාජ වෙබ් අඩවිවල අගෞරවය කරන ආකාරයට පුවත් පළ කර තිබුණා. ෆේස්බුක් වෙබ් අඩවි පාවිච්චි කිරිම, තාක්ෂණයෙන් ලබාදුන් තාක්ෂණික ඥානය නිදහස වශයෙන් අපි හඳුන්වනවා. නිදහස භුක්ති විදිම සමාජයේ ඇතැම් පිරිස් කුමන ආකාරයකින් එම නිදහස භුක්ති විදිනවා ද යන්න කියන කාරණාව උගතුන් සහ බුද්ධිමතුන් සිය පරික්ෂණ සමඟ සමාලෝචනය කළ යුතුයි"

වීඩියෝව පහතින්.

Rate this item
(0 votes)