May 07, 2024

විධායකය අහෝසි කරන බවට සෝභිත හිමි දේහය ඉදිරියේ ජනපති සපථ කරයි (VIDEO)

මාදුළුවාවේ සෝභිත නාහිමියන් බලාපොරොත්තු වූ යහපාලනය සාධාරණ සමාජය ඇති කිරීම හා උන්වහන්සේගේ අරමුණ වූ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ දැඩි අධිෂ්ඨානය වෙනුවෙන් කටයුතු කළ බව පැවසූ මෛත්‍රිපාල සිරිසේන ජනපති උන්වහන්සේගේ දේහය ඉදිරියේ  සපථ කරමින් පැවසූයේ උන්වහන්සේ බලාපොරොත්තු වූ ආකාරයට විධායක ජනපති ක්‍රමය අහෝසි කර මේ රටේ යහපාලනයක් ඇති කරන බවයි. 

සෝභිත හිමියන්ගේ ආදාහන පූජෝත්සවයේදී උත්සව සභාව අමතමින් ජනපති මෙසේ පැවසීය.

"අපවත්වී වදාළ ගෞරවනීය මාදුළුවාවේ සෝභිත හිමි පිළිබඳව ඔබ අප මේ ස්ථානයේ සිටින පිරිස් පමණක් නොව මුළු මහත් ලක්වැසි ජනතාවම අද දැඩි ශෝකයට පත්වන අවස්ථාවක්. ඒ හිමියන් අපි බලාපොරොත්තු නොවූ අවස්ථාවක අප අතරින් වියෝ වුණා. උන්වහන්සේගේ ශාසනික සේවාවත් සමාජ සේවාවත් උන්වහන්සේ දේශපාලන පක්ෂයකින් තොරව සිදුකළ යහපත් චේනතාවන් මුල්කරගෙන පසුගිය දශක කිහිපයේ කටයුතු කළා. යුද්ධයෙන් හිරිහැරයට පත්වුණු සියලු ජනකොටස් වෙනුවෙන් මහා මෙහෙවරක් ඉටු කළා. ඒ යුග මෙහෙවරෙහි ක්‍රමික වූ අවස්ථාවක් පසුගිය ජනවාරි 8 වැනිදාට පෙර යහපාලනයක් ගොඩනගන්න කටයුතු කළා. මා අද ජනාධිපති ධූරයේ සිටින්නේ ඒ යහපාලනයේ නිර්මාතෘවරයාණන් වන්නේ උන්වහන්සේ.

මේ රටේ සමාජය තුළ අනිකුත් භික්ෂූන් වහන්සේලාට වඩා වෙනත් ගමනක් තිබුණා. ඒ ශාසනික සේවාවෙන් බැහැරවූ ඉතා නිවැරදි දේ උන්වහන්සේ ඉටු කළා."

වීඩියෝව පහතින්.

Rate this item
(0 votes)
Last modified on Friday, 13 November 2015 10:40