May 04, 2024

දෙමළ සන්ධානයේ පක්ෂ අතර ගිවිසුමකට සූදානම් - සුමන්තිරන් හෙළි කරයි

දෙමළ සන්ධානයේ හවුල්කාර පක්ෂ අතර ඊයේ (25) පැවති සාකච්ඡාව විශේෂ සාකච්ඡාවක් නොවන බව දෙමල ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසුවේය.

යුධ සමයේ සිදු වූ බව කියන මානව හිමිකම් කඩවිම්වලට අදාළව සිදු කිරීමට නියමිත පරීක්ෂණ පිළිබඳ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එම සාකච්ඡාවේදී අවධානය යොමූ වී ඇතැයි වාර්තා විය. 

ජිනීවා අමෙරිකානු යෝජනාවට සම දායකත්වය ලබාදීමට රජය තීරණය කර ඇති අතර එම යෝජනාව ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතු බවත් රජයේ එම තීරණය අනුව එම වගකීමෙන් ඉවත් විය නොහැකි බවත් සුමන්තිරන් මහතා පෙන්වා දුන්නේය.  

දෙමල දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීම, දෙමල ජාතික සන්ධානය දේශපාන පක්ෂයක් ලෙස ලියාපදිංචි කිරීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා වූ බව මන්ත්‍රීවරයා සඳහන් කළ අතර මෙම සාකච්ඡාවේදී දෙමළ ජාතික සන්ධානයේ පාර්ශවකාර පක්ෂ අතර සහයෝගීතාව වර්ධනය කරගැනීම සඳහා ගිවිසුමකට එළඹීමට තීරණය කළ බවත් පැවසීය.

කෙසේ වෙතත් ඒ පිළිබඳ විවිධ මත ඉදිරිපත් වීමත්, ඊට සංශෝධන යෝජනා කර තිබීමත් නිසා ඒ ගැන අවසාන තීන්දුවක් ගෙන නොමැති බව සුමන්තිරන් මහතා වැඩිදුරටත් පැවසී ය.

ඉලංගෙයි තමිල් අරසු කච්චි, ටෙලෝ සංවිධානය, ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානය සහ ප්ලොට් සංවිධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් එම සාකච්ඡා සඳහා සහභාගි වී ඇත.

ටෙලෝ, ඉලංගෙයි තමිල් අරසු, ඊ.පී.ආර්.එල්.එෆ්. සහ ප්ලොට් යන පක්ෂ දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂ ලෙස ක්‍රියාකරයි. 

Rate this item
(0 votes)