May 21, 2024

සැරයන් අතුරුදන්වීම ගැන ජනපතිගේ අවදානයට 

වවුනියාව නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ විශේෂ වැටලීම් ඒකකයට අනුයුක්ත ව සේවය කළ පොලිස් සැරයන් ජී. ගුණතිලක මහතාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ උපදෙස් මත පොලීසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

අතුරුදන්වීම සම්බන්ධයෙන් සොයා බලා තමන්ට වාර්තාවක් ලබාදෙන ලෙසට පොලිස්පතිවරයාට ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දී ඇති අතර එම උපදෙස්වලට අනුව මෙම පරීක්ෂණය ආරම්භ කර ඇත.

ඉකුත් අගෝස්තු 07 වැනි දා සිට මෙම නිලධාරීයා අතුරුදන් ව සිටින අතර, වවුනියාව ප්‍රදේශයේ නිධන් හැරීමක් පිළිබඳ විශේෂ පොලිස් කණ්ඩායමකට මෙම නිලධාරීයා ප්‍රකාශ ලබා දී ඇති බව ද වාර්තා වේ.

 

Rate this item
(0 votes)