May 22, 2024

පළාත් පාලන මැතිවරණය කොට්ඨාශ ක්‍රමයට  

පළාත් පාලන මැතිවරණය කොට්ඨාශ ක්‍රමයට පවත්වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (19) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (19) රාත්‍රී පැවත්විණි.

එබැවින් පළාත් පාලන මැතිවරණය කොට්ඨාශ ක්‍රමයට පැවැත්වීම සඳහා සූදානම් වන්නැයිද ජනාධිපතිවරයා මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබේ.

පළාත් පාලන මැතිවරණය සඳහා තරග කරන අපේක්ෂකයන් තෝරා ගැනීම සඳහා ශ්‍රීලනිපය දැනටමත් අයදුම්පත් කැඳවා ඇති බව ජනාධිපතිවරයා මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර තිබේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 20 October 2015 09:56