May 02, 2024

Facebook තුළ මෛත්‍රීට මඩ ගැසූ මන්ත්‍රී රිමාන්ඩ්

පසුගිය ජනපතිවරණ සමයේ දී පොදු අපේක්ෂකයා ලෙස තරග කළ වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අගෞරව වන පරිදි කාන්තාවක් සම්බන්ධ කරමින් ෆේස්බුක් සමාජජාලය තුළ අසත්‍ය තොරතුරු පළ කිරීමේ චෝදනාව මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍යව සිටි ගාල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රී සම්පත් අතුකෝරාළ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද (01) බාර විය.

පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ නාමල් රාජපක්ෂ මහතා යටතේ අධිකරණයට භාර වූ අතුකෝරාළ මහතාව ලබන 5 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස මහේස්ත්‍රාත් නියෝග කළේ ය.

Rate this item
(0 votes)
Last modified on Thursday, 01 October 2015 14:34