May 20, 2024

පොලීසියේ ගැටලු සෙවීමට ජනපතිගෙන් විශේෂ කමිටුවක්

September 16, 2015

පොලිස් දෙපාර්තමේන්තුවේ ගැටලු සොයා බැලීමට විශේෂ කමිටුවක් පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

හෙතෙම මේ බව සඳහන් කළේ ඊයේ (15) කොළඹ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිවේදිත පොලිස් නිලධාරීන්ගේ නිල නිවසේ දී ජනාධිපතිවරයා සහ පොලිස් දෙපාර්තමේන්තුව් උසස් නිලධාරීන් අතර පැවති හමුවක දී ය.

පොලිස් නිලධාරීන්ගේ උසස්වීම්, නේවාසික මෙන්ම වැටුප් පිළිබඳ ගැටලු සම්බන්ධයෙන් මෙහි දී ජනාධිපතිවරයාගේ අවධානය යොමු කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක් වෙයි.

මෙම සියලු කරුණුවලට කඩිනමින් විසඳුම් ලබාදිය යුතු සාධාරණ ගැටලු ලෙස තමා සලකන අතර මාසයක් වැනි කෙටි කාලයක් තුළ මෙම ගැටලුවලට විසඳුම් ලබාදීමට පියවර ගන්නා බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

දේශපාලන බලපෑමකින් තොරව රාජකාරී කටයුතු ඉටු කිරීමේ උපරිම තෘප්තිය අත්විඳීමට පසුගිය පර්ලිමේන්තු මැතිවරණයේ දී පොලිස් දෙපාර්තමේනුතුවට අවස්ථාව උදා කරදීම සම්බන්ධයෙන් සිය ගෞරවය සහ ස්තූතිය ජනාධිපතිවරයා වෙත පුදකරන බව පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා එහි දී  ප්‍රකාශ කළේ ය.

 

 

Rate this item
(0 votes)