May 04, 2024

ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා ගෙනගිය පා ගමන අවසන්

September 14, 2015

මෙරට සිදු වූවා යැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් දේශීය පරීක්ෂණයක් ප්‍රතික්ෂේප කරමින් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා කිලිනොච්චියෙන් ආරම්භ කළ පා ගමනේ අවසන් දිනය වූ අද (14) දිනයෙන් යාපනයේ දී අවසන්වන බවට දෙමළ ජාතික සන්ධානයේ පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතා පවසයි.

අදාල පාගමන කිලිනොච්චියේ දී උතුර පළාත් සභා මන්ත්‍රීවරුන්වන එම්.කේ සිවාජිලිංගම් සහ ආනන්දී ශෂීධරන්ගේ ප්‍රධානත්වයෙන් යුත් පිරිසක් ආරම්භ කළ අතර ඊයේ (13) දිනය වනවිට පා ගමනේ නිරත වූ පිරිස යාපනය - කයිතඩි ප්‍රදේශයට ළඟා විය. 

පා ගමනේ 05 වැනි දිනය වූ අද දිනයේ දී යාපනයේ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට සහ එක්සත් ජාතීන්ගේ කාර්යාලවලට අදාල පා ගමනේ  පෙත්සම් භාර දීමට පියවර ගෙන ඇති බව උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතා සඳහන් කරයි.

වන්නි රොමේෂ් මධූෂංඛ 

 

Rate this item
(1 Vote)