May 04, 2024

විපක්ෂ නායක ධුරයේ වැඩබැලීම මාවෙයි සේනාධිරාජාට

September 07, 2015

විපක්ෂ නායක වශයෙන් පත් වූ ආර්.සම්බන්ධන් මහතා නොසිටින අවස්ථාවක එම ධුරයේ වැඩ බැලීම සඳහා වැඩ බලන විපක්ෂ නායක ලෙස දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා පත් කර ඇති බව දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් මහතා පවසයි.

විපක්ෂ නායකවරයා මෙරට නොසිටින අවස්ථාවක එම ධුරයේ කටයුතු පිළිබඳ විමසීමේ දී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ය.

විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා පාර්ලිමේන්තුව තුළ නොමැති අවස්ථාවක සහ විදෙස් ගත වූ අවස්ථාවක ඉලංකෙයි තමිල් අරුසුකච්චි පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා, වැඩ බලන විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කිරීමට පියවර ගෙන ඇත.

එමෙන්ම සංහිඳියාව වෙනුවෙන් ඇති සූදානම ලොවට පෙන්වීම සඳහා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට ද පියවර ගත් බවට සෙල්වම් අඩෙක්කලනාදන් මහතා වැඩි දුරටත් කියා සිටියේ ය.

වන්නි - රොමේෂ් මධුශංක 

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 08 September 2015 09:01